FAST NEWS

24×7 Around the Globe

ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රඟහල්වල ගාස්තු අඩු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ටවර්හෝල් රඟහලේ සහ එල්ෆින්ස්ටන් රඟහලේ පුහුණුවීම් සඳහා කලාකරුවන්ගෙන් අය කෙරෙන ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රකාශ කළේය.

කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ ඊයේ (13) රාත්‍රියේ පැවති ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.