FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ ඇමැති එස්.එම්ගේ වංචා රැසක් හෙළිවේ.

උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යංශය තුළ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී තිබෙනවා.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සීමාව ඉක්මවා වාහන පරිහරණය කිරීම එවැනි එක් අක‍්‍රමිකතාවක්. ප‍්‍රධාන අමාත්‍යවරයාගේ පරිහරණයට සහ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම වාහන ගණන 3ක්. එහෙත් හිටපු මහ ඇමතිවරයා අදාල සීමාව ඉක්මවා වාහන 15ක් භාවිත කර තිබෙනවා.

එම වාහන ධාවනය සඳහා රුපියල් 59 ලක්ෂ අසූ නවදහස් හත්සිය හැත්තෑ එකක මුදලක් වැය කර ඉන්ධන ලබාගෙන ඇති බවයි අදාළ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

‍ෙප‍්‍රධාන ඇමැතිවරයෙකුට හිමි පුද්ගලික කාර්ය මණ්ඩලයේ ප‍්‍රමාණය ඉක්මවා අතිරික්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම තවත් අක‍්‍රමිකතාවක් වනවා.

අතිරේක කාර්ය මණ්ඩලයේ වැටුප් ගමන් වියදම් සහ අතිකාල වියදම් වෙනුවෙන් රුපියල් අනූහය ලක්ෂ තිස් හතර දහස් 113ක් වියදම් කර ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට රජයේ මුදල් රෙගුලාසි උල්ලංගණය කරමින් රුපියල් හාරදහසක දුරකතන බිල්පතක් ගෙවා තිබෙනවා.

2014 වසරේ නොවැම්බර් මස විසි වැනි දින සඳහිරු සෑයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට සමගාමීව පැවැත් වූ දන්සලට රුපියල් හය ලක්ෂ දොලොස්දහස් දෙසිය පනහක භාණ්ඩ මිලදී ගෙන ඇති බවද අදාළ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.