FAST NEWS

24×7 Around the Globe

වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබඳ එම බැංකුවේ නිරීක්ෂණ මේ වන විට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ.

ලබන 18 වැනිදා ප.ව 02.00 ට මෙම නිරීක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

එම කාරක සභා රැස්වීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද කැදවා තිබේ.