FAST NEWS

24×7 Around the Globe

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය විසින් කන්තලේ – තඹලගමුව ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජිව අත්බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරන ආකාරයට සැකකරුවන් සංවිධානාත්මක ලෙස දිවයින පුරා සොරකම් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.