FAST NEWS

24×7 Around the Globe

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති මෙරට කෙටි සංචාරයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද(14) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.

මෙම පිරිස අද දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.