FAST NEWS

24×7 Around the Globe

මාන්කුලම්වලින් මතු වු වසර 20ක් පැරණි අස්ථි කොටස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබි හමු වූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කර ඇත.

පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් භූමියෙන් අස්ථි කොටස් හමුවීම පිළිබඳව පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්දයෙන් වැඩිදුර විභාගය එලැඹෙන 26 දින නැවත අධිකරණයේදී කැඳවීමට නියමිත අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.