FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ගැන මැකෝ ගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මාර්තු 1 දා හෝ 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් අප්‍රේල් 25-27-28 හෝ 29 යන දිනවලින් එකකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි පවසයි.

වෙසක් උත්සවයට පෙර ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

මැයි දිනය වැනි කරුණු හේතුවෙන් අප්‍රේල් අවසාන සතියේදී මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයිද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේය.