FAST NEWS

24×7 Around the Globe

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සදහා ඉඩ ලබා දිය නොහැකි බව පවසමින් රාජ්‍ය නිලධාරිණියක් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට දැඩි ප්‍රතිචාර දක්වන වීඩියෝ පටය සම්බන්ධයෙන් අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළවිය.

ජනපති , අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුව ද අදාළ නිලධාරිණිය සමඟ සිටින බව එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

අදාළ සිදුවීම මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී සිදුවූ අතර වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දේවානි ජයතිලක නම් දිසා වන නිලධාරිණියගේ මෙම සෘජු අදහස් පළ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය මාධ්‍ය තුල ඇයට ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයකි.