FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම වැටුප් ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවයි.

මේ දිනවල විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව මාධ්‍ය මඟින් කතාබහට ලක්වන ගැටළු පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය  කළ විමසුමකදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම වැඩිකිරීම සිදු තිබුනේ 2011න් පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා බවත් එම වැඩිකිරීම මඟින් 2011ට පෙර විශ්‍රාම ලැබුවන්ට අසාධාරණයක් සිදුවන බවත් ය.

එම නිසා දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි නව කමිටුව මගින් අදාළ ගැටලුවට විසඳුමක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් 2021 වනවිට මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදීමට හැකි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.