FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. කෝණාර මාතලේ කොට්ඨාසයේ සිට, අයිත්තමලේ පොලිස් ස්ථානාධිපති ලෙස මාරුකර යවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් පරීක්ෂක ඒ කුලතුංග, කුරුවිට පොලිස් ස්ථානාධිපතිව සිට පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ලෙසත් පොලිස් පරීක්ෂක ටී.පී. රත්නායක ලිඳුල පොලිස් ස්ථානාධිපතිව සිට කුරුවිට පොලිස් ස්ථානාධිපති ලෙසත් මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.