FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ හිගයකින් තොරව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරන ආකාරයට ඒ අනුව ඉදිරි මාස 06ක කාලසීමාව සදහා මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.