FAST NEWS

24×7 Around the Globe

මත්පැන් , කඩු , බෝම්බ සමඟ අයෙක් STF අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත්ගම විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් කඩුවක් හා මත්පැන් මිලිලීටර් 3750 ක් සමඟ සැකකරුවෙකු අගලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් වන අතර ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක වේ.