FAST NEWS

24×7 Around the Globe

ත්‍රිවිධ හමුදාවේ පොදු සමාකාලය අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සේවය හැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලය අදින් අවසන්වේ.

මෙය 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව පෙබරවාරි 5 වනදා සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව පොදු සමා කාලයේ පළමු දින 6 තුළ, නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 6259 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

මේ අතර බලපත්‍ර නොමැතිව භාවිත කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි භාරදීමට රජය ලබාදුන් සහන කාලයද අදින් අවසන්වේ.