FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ අමාත්‍යාංශය යටතට තවත් ආයතන කිහිපයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් විදුලිබල අමාත්‍යාංශ යටතට තවත් ආයතන කිහිපයක් එකතු කිරීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව මහින්දානන්ද අලූත්ගමගේ නව අමාත්‍ය ධුරය වන්නේ පුනර්ජනනීය බලශක්ති හා විදුලි බල රාජ්‍ය අමාත්‍යාංශයයි.

මෙම නව අමාත්‍ය ධූරයත් සමග ඔහු යටතට ලංකා විදුලිබල සමාගම, සිමාසහිත ලංකා ගල්අගුරු සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් අයත් වෙයි.