FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඊට හේතුව වී ඇත්තේ වග සහ පාදුක්ක අතර දුම්රියක් පීලි පැනීමය.

අද උදෑසන 6.10ට පමණ කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිළි පැනීමට ලක්ව ඇති බව පාලක මැදිරිය සඳහන් කළේය.