FAST NEWS

24×7 Around the Globe

මහල් ගොඩනැගිල්ලකින් වැටී විදෙස් දරුවෙකු රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ මහල් ගොඩනැගිල්ලක දෙවන මහළෙන් ඇද වැටීමෙන් මාලදිවයින් ජාතික 3 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා තිබේ.

කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලය උපුටා දක්වමින් එරට වෙබ් අඩවි මෙය වාර්තා කර ඇත.

එම දරුවා පළමුවෙන් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.