FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ සගයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුල්ලේරියාව ප්‍රදේශයේ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අංගොඩ ලොක්කා විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙම සැකකරු සහය ලබාදෙමින් කටයුතු කර ඇති බවයි.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.