FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන්ගෙන් රජයට තවත් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත් අවසන් වසර තුනේදී රැකියාවක නිරත වී නොසිටිය යුතුය යන කොන්දේසියද ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (09) රජය අදාළ වැඩසටහනට අයත් එක් කොන්දේසියක් වූ 35 ක්ව පැවති වයස් සීමාව 45 දක්වා ඉහළ දැමීමටයි තීරණය කළේය.

උපාධියක් මත පදනම්ව රැකියාවක් ලබාගැනීමේ අවස්ථාව අහිමි නොවිය යුතු බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි වැඩිදුරටත් පෙන්වා දෙයි.