FAST NEWS

24×7 Around the Globe

පුරාවස්තු නිසා කැණීම් කළ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුවන් කැණීම් උපකරණ සමඟ ඊයේ (10) පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් ඇති බවයි.

සැකකරුවන් වයස අවුරුදු 34 ත් 57 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කළගෙඩිහේන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.