FAST NEWS

24×7 Around the Globe

රජයේ මුල්‍ය ගනුදෙනු සඳහා ඇමති පුද්ගලික කාර්යමණ්ඩලයට අවසර නෑ – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාගේ හෝ ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එවැනි මැදිහත්වීම් වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අනුව මින් ඉදිරියට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණය.

මෙවැනි කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.