FAST NEWS

24×7 Around the Globe

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09)  සන්ධානගත ගිවිසුමට අත්සන් කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රී කාන්ත නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම මඟින් ගිවිසුම් ගතවිය.