FAST NEWS

24×7 Around the Globe

අගමැති ඉන්දියාව බලා පිටත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර ඉන්දියාව බලා පිටත් විය. 

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර , එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බවයි.

ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවල ද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතයි.