දිවයින පුරා 11,000ක පමණ ගුරු අතිරික්තයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා සඳහන් කළේ, ජාතික පාසල්වල පමණක් ගුරුවරුවරුන් 2000 පමණ අතිරික්කයක් පවතින බව ය.
එහෙත් දිවයින පුරා පාසල්වල ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, චිත්‍ර සහ සංගීත විෂයන් සඳහා ගුරු හිඟ බවට තොරතුරු ලැබී ඇති බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසී ය.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පෞද්ගලික ආයතනවල ඉතා ඉහළ වැටුප් ලබාදීම හේතුවෙන් උපාධිධාරීන් ඒ සඳහා යොමුවීම එම ගැටලුවට හේතුව වී ඇති බව ය.







