FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති, අයවැය මගින් වෙන් කරනු ලබන මුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමට යෝජනාවක් ලබන පෙබරවාරි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ සදහා නව පනතක් ගෙන ඒමට ද යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (6) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේය.

ඕනෑම ආයතනයකින් අදාළ විස්තර ලබා ගෙන ඇගයීමට ලක් කිරීම සදහා යෝජිත පනත මගින් කොමිෂන් සභාවට බලය හිමිවිය යුතු බවද කාරක සභාවේදී යෝජනා ඉදිරිපත් වී තිබේ.