FAST NEWS

24×7 Around the Globe

බලපත්‍ර රහිත තුවක්කු බාරදීමට සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බලපත්‍ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව ඊයේ (05) සිට බලපැවැත්වෙන පරිදි පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ බලපත්‍ර රහිත තුවක්කු ළඟ තබාගන්නන්ට ඒවා ළඟම පිහිටි පොලිසියට බාරදිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම තුවක්කු බාරදෙන තැනැත්තන්ට ඒවා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දඩයක් හෝ දඬුවමක් නොකළ යුතු බවට ද ජනාධිපතිවරයා නියම කර ඇති බව වාර්තා වෙයි.