FAST NEWS

24×7 Around the Globe

රංජන් අද රස පරීක්ෂක හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ කටහඩ පරීක්ෂණයක් සඳහා අද (07) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.