FAST NEWS

24×7 Around the Globe

cope සහ copa සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ව්‍යාපාර කාරක සභාව (cope) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (copa) සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (07) සිදුවීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කෝප් කමිටුව අද පස්වරු 2.00 ටද රාජ්‍ය ගිණුම් කාරක සභාව අද පස්වරු 2.30 ටද රැස්වීමට නියමිත බවයි.

අවසාන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කල අතර ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.