FAST NEWS

24×7 Around the Globe

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙම පත්කිරීම තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සිදුකර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , කළාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත් පිරිසගෙන් මෙම සමීක්ෂණ මණ්ඩලය සමන්විත වේ.

පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා පිරිහීමට ලක්ව ඇති බවත් මෙරට සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඉදිරියේදී ඒවා මුදා නව හැරීමට සමීක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.