විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06 ) කොළඹ නගරයේදී විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානය විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍ය සේවයේ 2016-01-01 වැනිදායින් පසු විශ්‍රාම ලැබුවන්ට හිමිවීමට නියමිතව තිබූ වැටුප් වැඩි වීම අත්හිටවූ බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සිදු කිරීමට නියමිතව ඇත.

කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද පෙරවරු 10 ට මෙම විරෝධතාව ආරම්භ කරන බව විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.