FAST NEWS

24×7 Around the Globe

පදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පදිංචි සහතිකය සහ චරිත සහතිකය නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ගැනීම ලබන 10 වනදා සිට අනිවාර්ය නොකිරීමට රජය තීරණය කර තිබේ. 

ග්‍රාම නිළධාරීවරුන්ට පමණක් එම බලතල පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති අතර , මහජනතාවට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ මෙවැනි තවත් අණපනත් ඇතිද යන්න සොයාබැලීමට කමිටුවක් පත් කර ඇති බවයි.