FAST NEWS

24×7 Around the Globe

රිෆ්කාන් බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මේ මස 20 වනදා දක්වා යලි දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේය.