FAST NEWS

24×7 Around the Globe

ලයිසන් ගැනීමේදී වෛද්‍ය සහතිකය රජයේ රෝහලෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැහැල්ලු වාහන සදහා රියැදුරු බලපත්‍ර ලබාදීමේදි අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල්වල පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම වෙද්‍ය සහතික ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය සකස් කරන ආකෘතියකට අනුව නිකුත් කෙරේ.

ඒ සදහා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය අයකරන ගාස්තුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෝ තැපැල් කාර්යාල මගින් රජයට ගෙවීමට හැකියාව පවති.