FAST NEWS

24×7 Around the Globe

රුසියානු හමුදා සහ මෙරට නාවික සම්බන්ධතා පුළුල් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් අද (05)  නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ නාවික හමුදා මූලස්ථානයේදීය.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් නාවික හමුදා මූලස්ථානයේදී ජෙනරාල්වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමා විසින් ඔහු සමග සුහද පිළිසඳරක නිරත විය.

ඔවුන් දෙදෙනා අතර, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුණි.