FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගුවන් වාර ගණන සීමා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කිරීමට පියවර ගෙන ඇත.

එම ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට පියවර ගත් බවට වාර්තා වේ.