FAST NEWS

24×7 Around the Globe

වතු කම්කරුවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙල 1 වනදා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිවීම ඇතුලු වතු කම්කරුවන් වෙනුවෙන් රජය යෝජනා කර ඇති සහන වැඩපිළිවෙල ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන්කර සිටියේය.  

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

ජනාධිපතිතුමාගේ පොරොන්දුවකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක් ලබන මස 01 වනදා සිට සහන මිලට ලබාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දුන්නේය.