FAST NEWS

24×7 Around the Globe

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතලේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලය තුල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව, ඒ 9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය දක්වා, පලාපත්වල ප්‍රාදේශීය සභා සීමාව, ඔය පහළ ප්‍රදේශය, කන්දෙගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදන ක්‍රමයෙන් ආවරණය වන සියලූම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවවේ.