FAST NEWS

24×7 Around the Globe

සජිත් කණ්ඩායමෙන් කෘත්‍යාධිකාරියට යාමට කොන්දේසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලූ ඔහුට සහය දක්වන කණ්ඩායම හෙට (06) දිනයේ පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීමෙන් වැළකී සිටි සාමාජිකයින් හතරදෙනෙකුගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය ගත් තීරණය ඊට හේතුවී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පැවසුවේ අදාළ සාමාජිකයින් හතරදෙනා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක් කරගන්නා බවට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුව ඇති බවට වාර්තාවන බවයි.