FAST NEWS

24×7 Around the Globe

නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ  හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමටයි.