FAST NEWS

24×7 Around the Globe

සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිව්රුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ අනුව අදාල පත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින නිකුත් කරනු ලැබීය.