FAST NEWS

24×7 Around the Globe

පූජිත්ගේ සහ හේමසිරිගේ ඇප අයදුම්පත් සළකා බැලීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගොනු කළ ඇප අයදුම්පත් අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

අදාල ඇප අයදුම්පත් මහාධීකරණය හමුවේ සලකා බැලෙන බැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධ පැමිණිල්ල පස්වරුවේ කැඳවන ලෙස පෙරේදා (03) පැවති නඩුවාරයේදී ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලීමක් කර තිබුණි.