FAST NEWS

24×7 Around the Globe

STF නව අණදෙන නිලධාරීගේ නම අද පොලිස්පතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන නිලධාරියාගේ නම අද (05) වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඊයේ (04) විශ්‍රාම ගැනීමත් සමඟයි.

මේ සඳහා නම් දෙකක් වැඩබලන පොලිස්පතිවරයා විසින් යෝජනා කර ඇති අතර අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබෙන බව සඳහන්.