FAST NEWS

24×7 Around the Globe

නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා (06) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතව තිබේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර , මෙහිදී නව සන්ධානයේ සලකුණ සහ නම පිළිබදව අදහස්, යෝජනා සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.