FAST NEWS

24×7 Around the Globe

සිරකරුවන් 512 කට පොදු සමාව [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවන් 512 කට පොදු සමාව ලබාදී ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත. බරපතල අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් මෙම පිරිසට ඇතුළත් නොවෙයි.