FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙනතිබේ.

ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (03) අළුයම එම ඝාතනය සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව සඳහන්ය.

සැකකරුවන් අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.