FAST NEWS

24×7 Around the Globe

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  72 වන අභිමානවත් නිදහස් දින ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජාතික දින සැමරුම් උළෙල ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා ජාතික දින සැමරුම් උළෙලට පිළිගනු ලැබුවේය.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරවල මෙන්ම නිදහස් උළෙලේ අභිමානය වැඩි කිරීම සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාවේ 3376ක්, නාවික හමුදාවේ 799ක්, ගුවන් හමුදාවේ 847ක් සහ පොලීසියේ 596ක් එක්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 327 දෙනෙකු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 385 දෙනෙකු සහ ශිෂ්‍ය භට බලකා නිලධාරීන් දෙසිය පනස් දෙදෙනෙකු ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වනවා.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් සන්නද්ධ රථ ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වීමට නියමිතයි.