FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

පන්නිපිටිය සහ කොට්ටාව අතර පොහොරගොඩැල්ල ප්‍රදේශයේදී හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (03) දහවල් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබේ.

පාලක මැදිරිය සඳහන් කරණ ආකාරයට එය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් අද දහවල් අවිස්සාවේල්ලේ සිට කොටුව බලා පැමිණ , පසුව පාදුක්ක බලා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය තවදුරටත් කියා සිටියි.