FAST NEWS

24×7 Around the Globe

හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු මස් මාංශ අලෙවිසැල් , සුරාසැල් හා අනෙක් සියලු මත්පැන් අලෙවි මධ්‍යස්ථානද හෙට (04) වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

72 වන ජාතික නිදහස් දිනය යෙදෙන හෙට දිනයේ මෙම නීතිය කඩ කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව රජය ප්‍රකාශ කර තිබේ.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් ලෙස සැමරීමට නියමිතව ඇත.