FAST NEWS

24×7 Around the Globe

ළඟදීම තවත් නව දේශපාලන සන්ධානයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී විසින් දෙමළ එක්සත් පෙරමුණ නමින් නව සන්ධානයක් බිහිකිරීම සම්බන්ධයෙන් අනිද්දායින් පසුව තීරණය කරන බව පවසයි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ ඊ පී ආර් එල් එෆ් සංවිධානය එක්ව නව සංධානය පිහිටුවීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

පක්ෂ දෙක සන්ධාන ගත වීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති බවත් නව ලාංඡනයක් හා නමක් යටතේ එය පවත්වාගෙන යාම සැලසුම බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.