FAST NEWS

24×7 Around the Globe

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් දින 05 ක ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 

ඔහුත් සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.