FAST NEWS

24×7 Around the Globe

ආහාර වලින් කොරෝනා බෝ නොවන බවට අවධාරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය කිසිම ආහාර වර්ගයකින් බෝ නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දි ඇත්තේ ඒ පිළිබදව කිසිදු බියක් ඇති කර නොගන්නා බවත්, වෛරසය ශරීරගත වූ රෝගියෙකුගේ සෙම ශරීරගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් එය තවත් අයෙකුට බෝවිය හැකි බවත් ය.